ආවෝ – ගියෝ උන්
මෙරු පෙළක් මෙන්
බලා සිටියෙමි
උත්තරීතර පිවිතුරු බව
අහසින් බසින තුරු
Category: Poems
මනුලියකට නොපවසන මුසා
දෙව්දුවක් නොදැක
කෙසේ දෙව්ලියකැයි කියම් මුසා?
මිහිපිට ම උපන්
උත්කෘෂ්ට මනුදුවක් නුඹ..
දෙවියන් අතරත්
උපමා ලබනා
නවතින්නට පෙර නැවතීම.
නවතින තැනට පෙර
කැන්දගෙන (නො)යාම
හැන්ද ගෙන කබල් ගාන්ට
වංසයක් සෙයා තබනට
මට අමතකවිය
එහෙත් නුඹ කියනවාම නම්,
මලෙහි අවනඩුව
අනේ කොහිද මට මධු
තැටියක තබා හද
සුකොමලව වඩින බඹරු
මේ දිවිය නිසරුයි
පරවී වැටෙන යාමෙට
මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක
ට්විරෙට ලියූ නිසඳැස්
පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා.
අඹර මේකුළුවේ රිදිය
කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්.
නියරෙහි දිවූ නූතන යුවතිය
මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට
පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්
හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…