Site icon Thambaru's Blog

ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017

 

ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා.

අවුරුදු උත්සවේ තරග 14 වැනිදා තියලා, ජයග්‍රාහකයෝ තෝරලා, සුපුරුදු වලියත් දාගෙන වැඩේ අහවර වුණාට අවුරුදු නිවාඩුවෙන් පස්සේ තෑගිවලට කට්ටියගේ විස්තරත් අරගෙන ලියුම් හදාගන්න ටිකක් කල් ගතවුණා. අපේ සකලේ අයියා (අළුත් nickname එක 😀 ) ඒ වැඩේ බොහොම උනන්දුවෙන් කරලා දුන්න හින්දා කරදරයක් නැතුව ඉක්මණට ඒ ටික කරගන්න පුළුවන් වුණා. කට්ටිය බොහොම උනන්දුවෙන්, තෑගි වලට ආසාවෙන් (දැනට එහෙම කියමු, පස්සෙ තව කියන්න දේවල් තියෙනවා) තමන් දිනපු දේ ලබාගන්න කැමැත්තෙන් අපිට නිතරම මැසේජ් කළා, ටීවීට් දැම්මා කෝ කෝ තොපි තෑගි දෙන්නේ නැද්ද අපිට ඉක්මණට ඕවා ඕන කියලා. ඒ හින්දා ම මැයි 20 වැනි සෙනසුරාදා උදේ 10.30ට Racecourse එන්න කියලා අපි දැනුම් දුන්නා.

කට්ටිය ආපු හැටි

මං ඉතින් ඩොටේ සිට කොළඹ රටට එන නිසා උදේ 4ට නැගිටලා 6 කෝච්චිය අල්ලගන්න සිද්ධවුණා. ‘හයිවේ’ තිබුණාට ඒකේ එන්න ගියොත් පර්ස් එක ‘බුරුල්වේ’ නිසා කුච් කුච් හෝතාහේ එක තමයි පිහිට. ඔහොම ඇවිත් උදේ 9.30 වෙද්දි ම කුකුළාත් අතින් අරගෙන ම එන්න පුළුවන් වුණා. (දැන් කුකුල්ලු කීයද?) ඊට පස්සේ රේස්කෝස් ළඟ හෝල්ට් එකේ වාඩියක් දාගෙන හිටියා පාරේ වාහන ගණන් කර කර අනිත් උන් එනකම්. මොකද, 10.30 කියන්නේ අඩුම ගාණේ 11වත් කියලා දැනගෙන හිටියා. අපේ කට්ටිය ඇමරිකාවේ timezone එකටනේ වැඩ.

අඛිල මැසේජ් එකක් දැම්මා රාජගිරියෙන් වේගෙන් එන බස් එකකට නැග්ගාය කියලා. ඔය ඉන්න අතරේ ගයාන් කෝල් කරා එයාලා Good market එක පැත්තේ ඉන්නේ, එතන නුග ගහ යට වාඩියක් දාමු කියලා. තාරුකත් ඇවිත් ඒ වෙද්දි ඇවිත් එතන හිටියා. එතන අපි පොඩි කතාවක් දාගෙන ඉද්දි අඛිල, තරිඳු, නලින් අයියා ආවා. ඊට පස්සේ I/O ටී ෂර්ට් ගැන විචාරයකුයි, ඩයලොග් එකේ logo usage rules, promotions වගේ දේවල් ගැන බරපතළ සාකච්ඡාවක් යද්දී Humorist, ටෞ. අවුරුදු කුමාරයා: කුසියා, නිමේෂ් චේ.. ආ නෑ හසී එක්ක ආවා.

සකලේ සමාධියට සමවැදී නලින්ට වගේ තරුකටත් කුඩයක් මවා දුන්නු අවස්ථාවේ දුර්ලභ ඡායාරූපයක්

අනිත් කට්ටියට 10ට එන්න කියලා බොරැල්ලේ ද කොහෙද හෙන රවුමක් ගහපු නයිට්පිහාටුවායි, ලයියායි එද්දි පබා අක්කාත් ඇවිල්ලා හිටියේ. හැබැයි ඉතින් තෑගි ටික තියාගත්ත සසේන්මී සහ එම මැතිණිය අල බෝලේ විතරක් නෙවෙයි සොනික් අයියාත් එන පාටක් තිබුණේ නෑ. කෝල් කරලා බැලින්නම් මැතිණිය රෙඩි වෙනකම් සශේන් කට්ට කනවා. AwuruduBestBite එකට විතරක් නෙවෙයි, Committee එකේ අයටත් තෑගි දෙන්න ඉදිරිපත් වුණු සනික්ට කොන්දේ අමාරුවක් හැදිලා එන්න වෙන්නෙ නෑ කිව්වා.

කාගෙ බොරුවක් ද මුන් මේ කට ඇරන් අහගෙන ඉන්නේ? 😀

Good market සහ නුගගස් සෙවණ

කයියට සෙට් වුණාම අපේ උන්ට මෙලෝ සිහියක් නෑනේ ට්වීප්ස්ලානේ 140නේ. ටිකකින් තමයි දැක්කේ එතන උඩ ස්වභාව සෞන්දර්යය විසින් උගුලක් අටවලා තියෙන හැටි. නුග ගහේ පොඩි අතු කෑල්ලක් (කිව්වාට වැටුණොත් ලොකු සද්දයක් ඇහෙන සයිස් එකේ එකක්) කැඩිලා ගහේ ම මුලකින් එල්ලිලා මේම මේම තිබුණා.

පිසික්ස් ගාණක් ‘වගේ එකක්’ තියෙනවා හදපල්ලා

ඒක යටට ම වෙලා පබා අක්කායි තිමිරයායි ස්වේච්ඡාවෙන් ඔළුව අල්ලගෙන කරුමයක් තියෙද කියලා ටෙස්ට් කර කර තමයි ඉඳලා තියෙන්නේ.

හෑ? මගේ ඔළුවට? -පබා

මෙතන ඉන්න අතරේදී පහුගිය කාලේ ටිවිටර් එකේ trend වුණු අයියලා මල්ලිලා නංගිලා ගැන කතා කරන්නත් කට්ටිය අමතක කළේ නෑ. අන්තිමට ම සිද්ධවුණු ඇපල් අයියාගේ ඔළුව උඩ ඇපල් ගෙඩියක් තියලා ඊතලෙන් විදපු හැටි එහෙම කතා නොකර බෑනේ. අවුරුදු උත්සවේ අස්සේත් වෙච්ච දේවල් එක්ක කුරුණෑගලින් ගමකට කන්න වෙයි කියලා බය වෙච්ච උදවියත් මෙතන හිටියේ නැහැ කියන්නත් බැහැ.

ඔය අතරේ රණුකයා.. *පසුබිම් සංගීතය* ඉරාජ්..රාජ් ප්‍රඪක්ෂන්ෂ් භැඝිං! හුආර්ඩ්..ඩ්!! මැසේ්ජ් කළා ඌ තාම බෝඩිමේ ය, කරන්ට් නෑ ෂර්ට් එක අයන් කරගන්න කියලා. බඩගින්නක් හෙමින් සැරේ ලයින් වුණු නිසා ගුඩ් මාර්කට් එකෙන් කට්ටියක් රොටි කෑවා, කට්ටියක් බිව්වා (ෆෘට් ජූස් යකූ). මං ගත්ත අඹ එක නම් නැගලා ගියා. සශේන් රස 7ක් ම තියෙන නිසා නෙල්ලි එකකුයි, අලේ සීනි අඩු නාරං එකකුයි ගැහුවා. ඕවා කරලා වටපිට බලද්දි රණුකයාත් එතනට ආවාට කන්න ගිය සෙට් එක පේන්නවත් හිටියේ නෑ. බැලින්නම් උන් ටික KFC ගිහින් එතනිනුත් කොටාබානවා. එතෙන්දි ට්වින් අයියායි, මල්ලියි ආවා.

ඉංගිරීසි අකුරු තුනේ බුරිය දැකලා අපි දත් විලිස්සුවා

තෑගි දුන්න හැටි

තිමිරයාටයි ලයියාටයි බඩගින්නක් ගහලා උන් දෙන්නාට කන්න ඕන කිව්ව නිසා අපි කට්ටිය KFC එකෙන් එළියට බැස්සා. කට්ටිය හෙමීට එළියට එන අතරේ නිමේෂයයි, තිමිරයායි රහස් සාකච්ඡාවකට වාඩි වුණේ නැතැයි. මුන් දෙන්නා බරපතළ විධියට වැඩේ කරගෙන යන්න හැදුවාට මං නැවතිලා පොටෝ ගහන්න ගත්තු පාර ඒකට pose කරලා, මුකුත් වුණේ නෑ වගේ මාරු වුණා. (මෙතන මොකාක් හරි තියෙනවා දරුවනි :P)

රහස් සාකච්ඡාවක්

එතන ඉස්සරහා ටිකක් ඉඩකඩ තියෙන නිසා තෑගි දෙන්නත් එතන ම තෝරාගත්තා. වැඩියත් ම කුසියාටයි රණුකටයි Big match එක බලන්න යන්න ඕන කිව්ව නිසා වැඩේ ඉක්මන් කළා. තෑගි දෙන්න තියෙන්නේ කාටද කියලා චෙක් කරද්දි අර @ApeAwurudu එකට පණ දාගෙන තෑගි ඕන යකුනේ කියලා tweet කරපු නෝනලා, DM කරපු මහත්තුරු එහෙම ඉන්නවාද කියලා බැලුවාට තෑගි තියෙන උන් ඇවිත් හිටියේ හතර දෙනායි. ඉතින් අනිත් උන්ගේ මිත්තණියන්ට සහල් ගරන්ට කියලා අපි Dialog එකේ තෑගි අවුරුදු කුමාරයාවුණු කුසියාටයි, සැඟවුණු අමුත්තාව හොයපු තරිඳුටයි මේ විධියට දුන්නා:

අවුරුදු කුමාරයා බැංකු නෝනාගේ සුරතින් (නෑ අත් දෙකෙන්ම) DTV එක ලබා ගනිමින්
සැඟවුණු අමුත්තාව හරියට හොයපු තරිඳු Dialog WiFi dongle එක රනුක බූ අතින් ලබාගනිමින්

අනිත් දෙන්නාට එදා ම තෑගි දෙන්න වුණේ නෑ, මොකද සනිකා නැතුව එයාලා දිනපු රීලෝඩ් දෙන්න විධියක් නෑනේ. ඊට පස්සේ ආපු සේරම එක්ක ෆොටෝ එකකුත් ගහලා ටික එතනින් ම Lift එකට ගොඩවුණා. සේරම ප්‍රයිවට් බස් එක වගේ ගාණට ඇතුලට සෙට් වුණාට ලිෆ්ට් එකේ බෙල් එකවත් වැදුණෙත් නෑ කියාංකො. (පරඬැල් වගේ ඉන්න අපිට කන්න දියව්!)

අවුරුදු කුමාරයා සහ තවත් අය නැමිලා සිටින අවස්ථාවක්. ඇයි මං විතරක් බය වෙලා වගේ? 😛

මේ වෙද්දි දවල් 1-2 වගේ වෙලා. බඩගින්නත් ලයින් වුණ හින්දා පල්ලෙහා තට්ටුවේ ඉඳගෙන කට්ටිය කතා වුණේ මොනවාහරි කන්න යන්න තැනක් බලමු කියලා. ඩොමිනෝස් එකෙයි පිට්සා හට් එකෙයි offers තිබුණාට රණුකබූගේ HSBC visa කාඩ් එකෙන් දත පන්නන්න හිතාගෙන (හිතුවා විතරයි ඉතින්. ඊට පස්සෙ ඇහුණා සල්ලි දාපල්ලා කියලා) බම්බලපිටියේ පිට්සා හට් එකට යමු කියලා තීරණේ කොළා. තීරණේ කළාට මොකද අපේ උන් එතනත් රංචු ගැහිලා වෙන වෙන ම රැස්වීම් අරන්. එකෙක්ටවත් යන්න සිහියක් තිබුණේ නෑ. ශමාල් නුත් ඒ අතරේ එතනට ආවා. අතුරුදහන් වෙලා හිටපු ගයානුයි, ට්වින් අයියා-මල්ලි ඇවිත් එයාලා එතනින් කැපෙනවා කිව්වා. ඊට පස්සේ එතනට ආපු ටුක් එකක මායි, Humoristනුයි, අඛිලයි නැග්ගා අනිත් එවුන්ට එන්න කියලා.

බම්බා පිට්සා හට්

අනිත් එවුන් එන එකක් නැති වෙයිද කියලා අපි හිනා වෙවී ආවේ. ඒ ටුක් ඩෑල් එකත් එහෙන් මෙහෙන් හෙන රවුමකින් අපිව අරන් ඇවිත් MC එක ගාවින් දැම්මා. මුලින් ම පිටත් වුණේ අපි වුණාට මොකද අපි එතනට යද්දිත් මෙන්න මුන් එතන! හැබැයි පුතී හැමෝම නෙවෙයි!!

නිමේසයායි, තාරුකයි, තරිඳුයි බම්බා එනවා කියලා හිතාගෙන කොල්ලුපිටියේ ගිහිල්ලා! 😀 ඉතින් අපි සෙට් එක උන් ටික එනකම් පිට්සා හට් එකේ මේසෙකුත් අල්ලගෙන වාඩියක් දාගෙන හිටියා. ඕඩර් කරන්න ගිහින් අඛිලයාට එතන හිටපු අක්කා කෙනෙක්ට හිත ගිහින් ඕඩර් එක දෙන්න නම් එයා ම ඕන කිය කියා කෑ ගගහා තමයි හිටියේ.

කොල්ලුපිටි ගිය උන්ට එන ගමන් බීම බෝතල් දෙකකුත් ගේන්න කිව්වා. ඔන්න ටිකක් වෙලා යද්දි මුන්ගෙන් කෝල් එකක් ආවා බීම බෝතල් අතේ ගේන්න බෑ පිට්සා හට් එකෙන් දකිනවානෙ, ඒ හින්දා බෑග් එකක් අරන් එකෙක්ට එන්න කියලා. අපේ උන් හසීව යවන්න හැදුවාට කෙල්ලොනේ බෑ නේ පව් නේ කියලා මං වැඩේට බැස්සා. මං ගිහින් නෝන්ඩියක් දැම්මා උඹලට බම්බලපිටි – කොල්ලුපිටි පැටලෙනවද කියලා. උන් කියාපි උන් ආවේ මුසා ගේ ෂොප් එක ඉස්සරහින් කියලා. 😀 ආයේ මොනාද එහෙනං 😛

අනිත් උන් කැමරා ඇහැ දාද්දි Humorist පියවි ඇහැ දාගෙන පිට්සා එකට

Veg, non-Veg පීසා ටික මේසෙට වැඩම කළා විතරයි අපේ උන්ගේ ෆෝන් ටික එළියට ආවා – සට සට ගාලා අකුණු ගහන්න වගේ ෆොටෝ වැදුණා – ඒවා ඉන්ස්ටාග්‍රෑම් එකෙන් ජාත්‍යන්තරේට ගියා.  ඒ අතරේ මේසේ එහා කොණෙන් මෙහා කොණට කෑ ගහනවා “අඩෝ බෝතලේ එවහං” කියලා. ඊට පස්සේ අර බීම බෝතල් එකින් එක (මුලදී) මේසෙ යටින් එහාට මෙහාට මාරු වෙවී වීදුරු පිරෙව්වා. නිමේසයා මවුන්ටන් ඩිව් එක ඕන වෙලා “ඔය ක්‍රීම් සෝඩා එක මෙහෙට එවන්නෝ” කිව්වා. කට්ටියට ම හිනා මූ කොල්ලුපිටි ගිහින් ද නැත්නම් ‘කොල්ලො පිටි’ ගිහින් ද මෙච්චර වයර් මාරු වෙලා තියෙන්නෙ කියලා. හැබැයි ඉතින් කෑම කාලා අන්තිම හරිය වෙද්දි බීම බෝතල් කිසි ගාණක් නැතුව මේසෙ උඩත් නොතිබුණා නෙවෙයි. කාලා ඉවර වෙනවත් එක්ක ම වගේ දඩිං බිඩිං උඩිං දොඩං මන්ත්‍රීතුමාත් කොච්චර වැඩ රාජකාරි තිබුණත් අපිව බලලා යන්න එන්න අමතක කළේ නෑ.

“ක්‍රීං සෝඩා” බෝතලේ මේසෙ උඩ

දැන් අර රනුකයාගේ වීසා කාඩ් එක පාවිච්චි කරන්න වුණේ නෑ ඒ offer එක එදාට නැති හින්දා. (කාඩ් කුඩු) ඒත් ඉතින් බංකු බංකු නෝනා කෙනෙක් තියාගෙන අපි කලෙක්ශන් දාන්නේ අහවල් එකටෙයි? පබා අක්කා අපි සේරට ම පීසා අරන් දුන්නා! ඒ වුණාට වැඩක් නෑ ඉතින්, ලෝකේ මුල් ම පීසා එක හදන්න චතුර සේනාරත්න කල්පනා කරද්දී අපේ රනුක බ.. බ.. බූ තමයි ඒකට රෙසිපිය දීලා තියෙන්නේත්. සෙල්ලංය ඈ?

එතන නානාප්‍රකාර පිස්සු නටලා එළියට බහිද්දි ෂෝයි අක්කියෙක් දොර බාගෙට ඇරගෙන හිටියා අපේ උන් පෙරහැර වගේ පේළියට එනකොට. එතන තියෙන කෑම හොඳ නම් ගහන්න තියෙන බෙල් එකත් පේළියට ගහගෙන යමු කියලා තමයි අපි කලින් කතා කරගත්තේ. හැබැයි සිරිපාදේ වගේ ආපු වාර ගානට ගහන්න යන්නත් හොඳ නෑ කියලා කතාවුනා. 😛 මම ඉස්සරහින් හිටපු හින්දා ටං ගාලා ගහගෙන හිනාවත් තද කරං අක්කා දිහා නොබලා මාරු වුණා එළියට. දෙතුන් දෙනක් එළියට ආවා විතරයි පන්සලේ ඝන්ඨාරේ ගහන්න වගේ මේක ටං ටං ගාලා වදින්න ගත්තානේ! 😀 නිමේසයා පැල් බැඳගෙන ටකේ ගහලා.

ආපු උන්ට හද පිරි මෙව්වා එක!

අවුරුදු උත්සවේට ඉඳලා තෑගි ගත්ත උන්වත් නැති එකේ තෑග්ගක්වත් නැතුව ආතල් එක අරගෙන සප් එකක් දුන්න හැම එකෙක්ට ම අපේ සංවිධායක මණ්ඩලේ ස්තූතිය පුද කරන්නට ඕන. කොච්චර නෝන්ඩි දැම්මත් උඹලා ටික නැත්නම් ආතල් එකක් නෑ. ගිය අවුරුද්දේ වගේ ම මේ සැරෙත් තෑගි දෙන්න ඉදිරිපත් වුණු Dialog ආයතනයටත් එහි සිට අපිට උදව් කරපු අයටත් ගොඩක් ස්තූතියි.

#ApeAwurudu සංවිධායක මණ්ඩලය 2017

ඒ වගේ ම අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු උත්සවේ කරන්න සප් එක දීපු අයයි, සංවිධායක මණ්ඩලේ ඉඳගෙන එකට හොඳ අහලා එකට මඩ කාපු සශේන්, අඛිල, පබා, රනුකටත් මාගේ ප්‍රමාණය! ඊළඟ වතාවෙත් මේ වගේ ආතල් එකක් අරන් යන්න හැමෝම එන්න ඕනෙ ඔන්න 🙂

Exit mobile version