Site icon Thambaru's Blog

Ads වලින් දුක්විඳි කාලය අහවරයි!

දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! ඇත්තට ම කියනවා නම් මේක Firefox Add-on එකක්. මේක දාගත්තට පස්සේ ඇඩ්ස් වලින් දුක්විඳින්න ඕනවෙන්නෙ නැහැ. Facebook ඇඩ්ස්නුත් අයින් වෙනවා. හැබැයි මේක Advertisersලාට නම් නරක ආරංචියක්!

මේකෙන් ඕනෑම ඡායාරූපයක් වුණත් block කරන්න පුළුවන්. Images මත දකුණු-ක්ලික් කරලා “Block Image” යන්න තේරුවා ම මේ සයිට් එකේ ඔක්කොම ඡායාරූ ද? නැත්නම් මෙය විතර ද? ලෙස තෝරාගන්න පුළුවන්. මෙහි ඇති Wildcard URL පහසුකම නිසා සම්පූර්ණ අඩවියක ම ඇති මූලාශ්‍රයන් handle කළ හැකියි.

ඒ වගේ ම තමන්ට අවශ්‍ය අඩවියක ඇඩ්ස් පමණක් පෙන්වන ආකාරයට හදන්නත් පුළුවන්. සයිට් එකකට ගිහින්, Disable on “වෙබ් සයිට් එකේ නම“ යන්න මෙහි ඇති menu එකෙන් තේරුවා ම ඒක කරගන්න පුළුවන්. ඒවගේ ම අවශ්‍යනං සම්පූර්ණයෙන් ම, ඒ කීවෙ හැම අඩවියක ම ඇඩ්ස් බල ගන්වන්නත් (Enable) පහසුකම් සලසලා තිබෙනවා.

Java සහ Flash element මත මූසිකය තැබුවා ම ඒක බ්ලොක් කරන්න ඕනැද කියලත් පොඩි පොප්අප් එකක් එනවා. විශේෂ ම දේ තමයි ඇඩ්ස් පුරවලා තියෙන ලංකාවෙ සයිට් ඉක්මණට load කරගන්න පුළුවන්කම! මේ විස්තර හොඳට ම ඇති කියලා හිතනවා. ප්‍රශ්ණ තියෙනවානම් අහන්න.

Addon එකේ නම තමයි AD BLOCKER PLUS. Install කළාට පස්සෙ Status Bar එකේ (පෙන්වීමට Ctrl+/ ඔබන්න) රතුපැහැති ABP ලකුණින් දිස්වේවි.

මෙතනින් ස්ථාපනය කරගන්න: Firefox Addon – AdBlockPlus

Update 8/18/13 >>>>>
Just go to this website to get the latest version and for ANY BROWSER:
https://adblockplus.org

Exit mobile version