Categories
Lifetime Meme Web Sites

sociAL දැල්works සහ අපේ එවුන්

“සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට ගොඩා….ක් දේවල් කියලා දෙන්නට තරම් මොරාල් එකක් එනබව මම හොඳින් ම දනිම්. (මොකද.. මටත් ආවා නෙවැ? 😉 )

කොහොමටත් සෝස‘ල් නෙට්වර්ක්ස් වැඩිහිටයන්ට පෙන්නන්ටම බැරි ය! (නයාට නෙවෙයි, වැඩිහිටියන්ට FB වගේ 🙂 ) ඒ උනාට ඔය දානෙකදි, මගුල් ගෙදරකදි එක එක තැන්වල අයින් ගහලා චැටකට සැට් උන වැඩිහිටියෝ ඕනෑතරං මා දැක තිබේ. ඒවාට කියන්නේ අහවල් මගුලක නැට්වර්ක්දැයි මා දන්නේ නැත! 🙂

Advertisement

අපේ සහෝදරී පාසලේ ගුරුභවතුන්ට “Facebook” කියලා ඇහුණත් ඇතිලු! හොඳවැයිං දේසනාවකුයි, ඉන්නවනම් අකවුන්ට් එකයි හොයලා ගෙදරිනුත් ගෙන්නනවා (ලු). 😛 ඒ උනාට එහේ IT Day එකේ ප්‍රධාන ම සැරසිල්ල වෙලා තිබුණෙ “f”, “t”, “G+”, “S” වගේ එව්වාමයි. එහෙම කොලේ ගුරුතුමීලාට හින්ට් එකටද, නැත්නං ආරාධිත අපිව කුලප්පු කොරන්නටදැයි ඔවුන්ගෙන් ම අසා දැනගත යුතුවන්නේය. (වෙන වැඩක් ඇත්තෙ ම නැත්තං අහලා බලන්ට?! 😛 )

අපේ හිටපු බයෝ සයන්ස් ගුරුතුමී ද ප්‍රැයිවැට් කැලෑසියේදී මට (ස්ත්‍රී පාර්ශවය ඉස්සරහා ම!) “බැලුවොත් ඇත්තං පේස්බුක් එකේමයි..! උඹ පාඩම් කරන්නැද්ද?“ යි අහනවා ය. ඔන්න එහෙම වෙලාවට මගේ ළඟ ඉන්න එවුන්ටත් හොඳවැයිං Law points මතක් වෙති. “උඹ එහෙම ඉන්නවා කියලා ටීටර් දන්නෙ කොහොමද? එතුමිත් එහෙනං ඒ කියන්නේ… නැද්ද බං?“ 😀 ඉතිං ඊට පස්සෙ මං තීරණේ කළා Offline Mode ඉන්න. 😉

දැන්  ඔය හැමෝම Facebook එක ලොකු කරගෙන හිටියට මට මතක තරමින් ඕක මාක් සූකර්බර්ග් අයියා එයාගෙ ඉස්කෝලෙ Project එක විදියට පටන් ගත්තු එකක්. (ඔන්න ඉතිං ලා…වට ඉරිසියාවක් ආවා නෙහ්? 🙂 මෙහේ එකෙක් ඔහොම එකක් පටන්ගත්තානම් ඌ එදා..ම පාසලෙන් දොට්ට!) අද වෙනකොට ලෝකෙ ප්‍රධාන පෙලේ සයිට් අතරට එන්ට එයාලා සමත් වෙලා තියෙනවා. ඇත්ත ම කිව්වොත් අනිත් හැම සයිට් එකකම “F” logo එක එයාලගෙ FB Fan Page එකට ලින්ක් කරලා දාලා තියෙනවා! (හෝව් හෝව්…? මගේ සයිට් එකේ Sidebar එක දිහා නම් ඔන්න මේ කතාව අමතක වෙනකං බලන්න අවසර නෑ ඔන්න! 😉 😀 ) Facebook Credit හා Gaming Apps නිසා බුකියක; එහෙම නැත්නම් සූදු පොළක ස‍්වරූපයකුත් අද වෙනකොට මේකට ආරූඪවෙලා තියෙනවා.

මේවා ගැන කතාකරද්දී අපේ සහෝදර සහෝදරියන්ගෙ වැඩකටයුතු ගැනත් කියන්ට ඕනෑම ය! අකවුන්ට් එක හදපු ගමන් ම “Find Friends” කොරන්නට අනුබල ලැබේ. ඒ වෙලාවට එන Suggestions දැක්කා ම අපේඋන්ට පන්තියේ යාළුවන් මතක් වන්නේ ද නැත! 😀 ඔන්න ඉතිං මුන් එදා සිට බුකියේ සැරිසරන්නට පටන්ගනිති. ඇතැම්මු Home Page එක විදියටත් පාවිචචි කරනවලු. ඊටපස්සෙ ඉතිං ඔය නැට් සබඳතා ගෙදර නැති උදවිය කැෆේ ගානේ ලගිති. එහෙම නැත්නම් කීයක් හරි සතියකට/මාසෙකට සැරයක් ඩොංගොලේට දමාගෙන මූණුපොතේ සැරිසරති. මොකක්හරි සතපහකට වැඩක් නැති පින්තූරයක් අප්ලෝඩ් කොරලා රටේ ම ඉන්න එවුන් ටැග් කරති. 😛 විරුද්ධ පාර්ශවයේ (විශේෂයෙන් ඛොළ්ළෝ ඛෙළ්ළන්ගේ) ප්‍රොෆැයිල් වලට රිංගා මුළු වෝල් එකේ ම තියෙන Status, Photos ආදියට Like දමති. පැණි බසෙකින් Comment කරති. 😉 😀

පැයකට සෑම මිනිසෙකුටම මිනිත්තු 5ක් පිස්සු බව මාගේ යහළුවකු දිනක් මට කීය. ඒ උනාට මේ මළ විකාර දකිනා මට විනාඩි 55ක් ම පිස්සු හැදෙනවායැයි මා නිගමනය කළේ අනිත් උන්ට පිස්සු! යැයි මට හැමවිටම සිතෙන නිසාය. :-/

ඒ විතරක් නෙවෙයි, මොකා…ක් හරි ගොං කතාවක් හෝ ස්ටේටස් එකක් Publish කරන Page Ownersලා ගේ සුපුරුදු කියමනත් මෙතැන නොකියා හිටියොත් ඒක දවස් දෙකක් ෆේස්බුක් නොගිංහිං හිටියා වගේ දැනෙනු ඇත:

“ඔයාලා මේකට කැමතිනම් Like කරලා, Comment කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න.“

කො/කෙ ල්ලෙක් ඔන්ලැයින් ඉන්නවා දැකපු ගමන් හැමෝම “hi” කියති. (මාත් ඔය හිටපු ගමං… 😉 ) ඒ අකුරු දෙක එබෙන්නේ අනිච්ඡානුගව විය හැකිය. ඔය අස්සේ දකුණු පැත්තේ You May Know ය කියා තවතවත් Friend Suggestions පැමිණෙති. ඒවැයි තියෙන එකඑක පින්තූරුයි, නමුයි දකින් උන්ගේ හෝ ගාලා ඇඩ්‍රිනලින් හෝ මක්කාහරි හෝමෝනයක් ස්‍රාවය වන්නට පටන්ගනු ඇතියි මා උපකල්පනය කරමි. අනතුරුව Friend Request දමාගෙන දමාගෙන, ආයිත් දමාගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම ස්ටෑඨස් යාවත්කාලීන කරති:

“balaplla! **** Facebk kaarayo mawa block krla, Dn mata reqst danna ba. ane plzzzzzzzz mata request ewanna”

මේවා දැක්කා ම මට කියැවෙන්නේ “නෙදකිං විතරක්“ කියාදැයි ඇසිය යුත්තේ මා නිතරම මුහුණ බලාගෙන ආදරය කරන.. මගේ… ම (මගුල! එහෙම රෙද්දක් නෙවෙයි.) මොනිටරෙන්! 😛

ඔය අස්සේ මරු ෆන් සීන් එකක් අපේ ඉස්කෝලේ විද්‍යා ප්‍රදර්ශනයට ලකලෑස්ති වෙද්දී සිද්ධ උනේ ය. එදා රෑ අපේ පන්තියෙ සැට් එක රිජිෆෝම් කපනවා, පාඩම් කරනවා, ඇක්ස්පැලෑං කරන්න පුරුදුවෙනවා ඊටීසී. 😀 කෝමහරි එච්චර සැරභාවයකින් තොර වර්ගයක් කැමිස්ට්‍රි වලින් කියනවා නම්, ත. ROH එකක්  අපේ හාදයෙකුට පෙවිලා. එතුමා කියන එකඑක මළ විකාර කතා අසමින් වැඩකළ නිසා තිබුණු නිදිමත ගතිද විනාස වී ගියේ ය. මට ප්‍රදර්ශනේදි ඌනන අනූනන ක්‍රියාවලි විස්තර කරන්නනෙ තිබුණේ?!. ඉතිං මං ඕකට නැහි නැහී පාඩම් කරමින් හිටියෙ. මොකද ඔය අනිත් එවුන් වගේ මම මීටරයක් නෙවෙයිනෙ! (වැඩිවිස්තර අපේ ගුරුතුමීගෙන් අසාදැනගනු. 😛 ) ඔන්න ඉතිං අර වැඩිවූ එකා තමන්ගෙ Xperia Mini එකෙන් බුකිය පිරික්සමින් හිටියෙ; තියෙන බහුබූත රටටම ඇහෙන්න කියවමින් සහ එකඑක ටැක්නිකල් ප්‍රශ්ණ මගෙන් අසමින්. (මට ඉතින් මළේ මළ! 😛 ) එකසැරේටම මූ කෑගහගෙන ඇවිත් මාව බදාගෙන.. “යේ…!“ කිය කිය හිනාවෙවී (තව මිශ්‍රක්‍රියා පද මට මතක් වෙන්නෙ නෑ) නටන්ට පටන් ගත්තනෙ! මදැයි කොලා. හැමෝටම හිතාගන්න බැරිඋනා මේ සීන් එක.. බැලින්නං ඌ දාපු Status එකකට ඌ (ඒ දවස් ටිකේ) පැණිය දාං ඉඳපු ස්ත්‍රී රත්නයක් LIKE එකක් දාලා! 😉 😀

ලෝකේ ඕනෑම දේක හොඳ පැත්ත වගේ ම නරකත් තිබේ. යාළුවො හොයාගන්න, තමන්ගෙ අදහස් බෙදාහදගන්න වගේ බොහොම හොඳ පැත්තක් Social Networks වලින් කරගන්න පුළුවන්. ඒ වගේ ම ………………………………. වගේ නරකටත් යොදාගන්න පුළුළුන්. (වැඩිහිටියෙකුගෙන් අසා, සුදුසු වචන ඡේද යොදා හිස්තැන පුරවාගන්න  😉 ) එහෙම බලනවානං අපි Science ඉගෙන ගන්ටද හොඳ නැත. මොකද යුඬායුධ, වසවිෂ වර්ගාදිය Science මගින් ගොඩනැගුණු නිසාවෙනි.

දැන් ඉතින් ඔය ෆේස්බුක් එකට ගෙදරින් එහෙම කේස් වැටිච්ච උදවිය Google Plus ‘වළ‘ට බැහැලා නෙ. 😉 Facebook එකේ හොරනම්, නළුනිළියන්ගෙ පින්තූරාදියෙන් පෙනී හිටපු උන්දැලා බයක් හැකක් නැතිව එළිපිට ම ඒ වළේ කෙළිති. (කුණුහරුපයක් නෙවෙයි, සෙල්ලම් කරනවා කියන එක! ඇපූ කැතහිත. 😛 ) Google කාරයෝ ද අනිත් ඒවාට තරගයක් දෙමින් ඉදිරියට යන මාර්ගයක ඉන්නා බව මට දැනේ.

Social Networks කිව්වා ම මූලික වශයෙන්, ඒ කිව්වෙ අතීතයෙ (දැනටමත් එක්තරා කොටසක් අතර) ඉහළම තැනක් අරං තියෙන්නෙ Twitter. මගේ ටික්‍රි මොළේට තේරෙන විදියට නම් අනිවා ඕක FB තරම් ජනප්‍රිය නොවුනෙ Chat පහසුකම නැතිනිසා වෙන්නට ඕන. 😛 කෝමහරි දැන් බහුතරයක් ජංගම දුරකථනවලට.. (ඒ කිව්වෙ අපේ බහුතරයක් සතු iPhone නමැති Nokia 1100 වලට හැර 😉 😀 ) Facebook, G+ Apps ඇවිත් නිසා ඒ පැණිහැලිය දැන් Mobile වී තිබේ.

If you know what I mean‘බාලාපරාධ’ ලේබල් එක නොවැදී ඒවා කරන්නට තිබුණු අවස්ථාව නැතිකරමින් මට ළඟදී (කිව්වට… මට මතක විදියට දැනට මාසයක් විතර ඇති 😉 ) අහදට පැන්නේය. ඒ හින්දා FB Public Status නුත් ලැබුණා. මොකක් උනත් දැන් නීත්‍යානුකූලව, දෘෂ්‍ය වර්ණාවලියේ බාලයන්ට බලන්ට අවසර නැති එක ම පාට බලන්නට අවසර තිබේ. ඒ උනාට ඔය කොසුත් නොවන වරකාත් නොවන එමකුලයේ ශාකයට නැගලා අතපය කඩාගන්න මට ඕනෑකමක් ඇත්තේම නැත! 😉 😀

මා දන්නා කියන බොහෝ දෙනෙක් ‘මගුල් ප්‍රස්ථාව‘ කරගෙන තියෙන්නේ ද ෆේස්බුක් එක හරහා ය. ඒ නිසා අනිවා ඔවුනගේ දූ දරුවන්ට නම් බුකිය තහනම්වීම වළක්වාලන්ට ම බැරිය. (කපුටු කකුළු සාස්තරේ හරි! 😉 ) වැඩිහිටියන් අත්දැකීම් වලට සමාන කළහැක්කේ මන්දැයි මට වැටහෙන්නේ මේවා දකිනකොට ය. අන්තිමට හැමෝම වැඩිහිටියෝ වෙති; පොඩිහිටියන්ට උපදෙස් දෙති. ඒවා කණකට ගන්නා(?) එවුන් වැඩිහිටියන් වෙති. ඒ බව උන්ගේ වැඩිහිටියෝ නොදනිති. මෙය තඹරුගේ ‘වැඩිහිටි චක්‍රය‘යි. (කියා පොඩිඋන්ට කියා දෙන්නට ඕනෑ නැත! 😛 )

අනික මට එපා ම වෙන සීන් එකක් තිබේ. මම ඉතිං මැසිම දාං කොරන්නෙ නෙට් යන එකම නෙව! ඉතිං FB, Gmail Tab දෙකත් වරදින්නෙ නෑ Notifiacations බලන්න ඕන නිසා. (කියලා තමයි කියන්නෙ 😉 ) එහෙමෙයි කියලා එකඑකාගෙ පින්තූරු බලන්නයි, මළ මගුල් කොරන්නයි මට ආසාවක් නෑ.(අනේ ෆලයං!) ඒ උනාට ඔය හිටිගමන් අපිව මතක්වෙන ඇතැං meතුරෝ මගෙන් මෙහෙම අහන්නට අමතක කරන්නේ ද නැත:

“hi mcn, umba fb mkda krnne?”

Reply කළොත් අඹු (අපිට කොහෙන්ද අඹු? වැරදුනා!) මා නසී; නිකං හිටියොත් Inbox එක නසින්නේ ය. එනිසා F-chat වලට වඩා මට Gtalk ප්‍රිය ය.

මගේ FB කතාව මින් අවසානයි continued (අපි මැරෙනකං) අසාසිටි ඔබ සැම….

මේකට ලයික් එකක් දාලා, කමෙන්ට් කරලා Share කරන්නත් අමතක කරන්න එපා!

😉 😀

6 replies on “sociAL දැල්works සහ අපේ එවුන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page