අහසේ සොමිවත බැබලී [Lyrics]

අහසේ සොමිවත බැබලී
අඳුරේ මා තනිකෙරුවා
කළු වළා පෙළ ඉගිලුණා
දෑසින් මහ වැසි ඇදහැලුණා

Advertisement

සඳට නම් සිත බෝ දුරයි
සඳ කිරණ නම් මා ළඟයි
තනි තරුව ඈතින් ඉකිබිඳියි
වළා ගැබට ඈ දුක කියයි

නෑවිත් නොනිඳන සිත තැවේ
සඳ කවදත් නැහැ මෙහි සැතපුණේ
කිළිපොළා ගිය සිහිලැල් හුළඟේ
උණුහුමක් සිත තව යදී

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page