Categories
Songs

සසර නොපතා පෙරුම් දම් [Lyrics]

සසර නොපතා පෙරුම් දම්
දැහැනක අයාල ගමනේ
හමුවූවා ඔබෙ ගුණවත් මල්දම් සිහිනයකි මට මෙලොවේ
කිමිදෙමි විඳිමින් නිදහසේ ඔබ මට මැවු ඒ ආදර ගඟුලේ

උල්පත මහ ගංගාවක ඇරඹුම
සත් මුහුදක් වී කෙළවර කරනා
පතනෙම් සෙනෙහස නුරා කුමකට
නව මන දිවි ගමනක් තනනා

Advertisement

කැකුළකි බිඟුවන් මන පිනවාලන
සත්සිය දහසක මල් ගොතනා
මිලිනව යන රුව කුමකටද මට
ගුණ මිස නුඹ සුවඳින් පිනනා

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

 

මේකෙ තේරුම මෙහෙමයි:
හැමෝම කියන්නේ ආදරය කියන්නේ සංසාරගත දෙයක් කියලානෙ. ඒත් සංසාරගත වෙන්න නම් ඒක පටන් ගන්න ඕන එක තැනකින්. මේකෙ කියැවෙන්නේ එවන් ආරම්භයක් ගැන. ඒවගේ ම පෙනුමට නොව, ගුණවලට පෙම් බැඳීමෙන් පටන් ගත්ත ප්‍රේමයක් ගැන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page