Categories
Songs

සටන් ගීතය [Lyrics]

රැකගන්න ජයගන්න
නැගීසිටිමු පෙළගැසෙමු
ඒ මගේ දේ නොව ඒ අපේ දේ
සෙනෙහසින් මතු දිනය වන්නේ

Advertisement

කඳුළු මැද ලේ වැකෙන කොපුලේ
හඬ නගයි අයිතිය අපේ
මිහිතලය මත නැගෙයි දසඅත
එකෙකු නොව අපි එකා සේ

නැගෙන හද ගැබ බිඳේ බාධා
හෙට දිනය අප හැම අතේ
නැගීසිටිමු දැන් දිවි පුදන්නට
එකක් නොව මහ දැයක් සේ

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page