“මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ කාලෙ වෙද්දි අධ්‍යාපනය හැම කෙනෙක්ට ම ලැබෙන හින්දා දැනුමත් එක්ක තර්කනය හැම කෙනෙක්ට ම පාහේ ලැබිලා තියෙනවා. මේවත් එක්ක තරුණ පරම්පරාව වයසක උදවියත් එක්ක ගැටෙන වෙලාවල්නුත් අනන්තයි.
Tag: විචාර
සමනලයින් නැති සමනල සංධ්වනිය
එන හැම සිනමා පටයම සිනමා හලට ගොස් නැරඹීමට තරම් පරිචයක් මා සතුව නැත. ඒ හැරත් මේ චිත්‍රපටය තිරගත වන කාලයේ (2013) නිමාවක් නැති අන්තෝ ජටා විභාගයක මා වල්මත්ව සිටියෙක් මි. ඉදින් ගෙවුණු නව අවුරුදු සැමරුමෙහි අග ඵලයක් ලෙසින් මට සමනල සංධ්වනිය රූපවාහිනියෙන් දකින්නට හැකි වුණේය. එකල වූ සිය දහසක් කට කතාවන්ගෙන් හා විචාරයන්ගෙන් ඔද වැඩී සිටි මා මෙය බලන්නට හිඳ ගත්තේ ලොව සුරූපීම කාන්තාව මා ඉදිරියේ රැඟුම් පාන්නට ආ සෙයිනි. නමුත් ඇගේ ලේ මස මට පෙනෙන්නට ගත්තේ පිල් විදහා නටන්නට වූ කල්හි ය.
මෙලොව බොහෝ දේ බිහිවෙයි. ඒ කුමක් හෝ හේතුවක් මුල්වන නියායෙනි. හේතුව කිනම් රැඟුමක් පායි ද ඒ එලෙසින් ම ඵලය වෙයි. වරදක් කළොත් වග කියන්නෝ හේතුව ය. නිසි සේ කළොත් පැසසුම් ලබන්නෝ ඵලය ය. ඒ ලෝ දමේ සැටි ය. මේ ලොවට “ඇක්ෂන්” කී අධ්‍යක්‍ෂකවරයාගේ සැටිය.
Aashiqui 2 – මගේ ඇසින්
ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්‍ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය.