Site icon Thambaru's Blog

Dialog Ring-In Tone අයින් කරගන්නේ මෙහෙමයි

Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

දා ගන්නේ කොහොමද?

මේකට අපි කැමති සින්දුවක් 387 කෝල් කරලා හරි, ඩයලොග් වෙබ් සයිට් එකෙන් හරි කරන්න පුළුවන්. MyDialog ඇප් එකෙන් ගියාම ලෝඩ් වෙන්නෙත් ඒ සයිට් එකමයි.

ඒකෙන් අපිට කැමති අංකයකට විතරක් හෝ හැමෝටම හෝ සින්දු තෝරලා දාගන්න පුළුවන්.

ගාස්තු මොනවද?

Dialog RingIn Tone වලට පසුගෙවුම් (Postpaid) පාරිභෝගිකයින්ගෙන් මාසිකව රු. 50/- ක් අය කෙරෙනවා.

පෙරගෙවුම් (Prepaid) පාරිභෝගිකයින්ගෙන් දෛනිකව රු.1.70/- ක් අය කෙරෙනවා.

එක් එක් ගීතය සඳහා වෙන වෙනම අය කෙරෙනවා. දින 30ක් සඳහා වලංගු වන සින්දුවකට රු.30ක් අය කෙරෙනවා.

ෆෝන් එකේ සල්ලි තිබුණොත් මේක auto renew වෙනවා. එතකොට ඔයා දන්නෙම නැතුව, සල්ලි දැම්මට පස්සෙත් දිගටම මේක කැපෙනවා.

අයින් කරගන්නේ කොහොමද?

අපි සල්ලිත් ගෙවලා වෙන උන්ට සින්දු අස්සවන්නේ අහවල් එකට ද කියලා හිතුණාම Dialog RingIn Tone අයින් කරගන්න මෙහෙම කරන්න:

OFF <හිස්තැනක්> UNRing ලෙස ටයිප් කර 678 ට SMS කරන්න. (උදා: OFF UNRing)

Exit mobile version