සෝක කුසලානය

හීන හතක් මැද සැදුණු විමන් හද විල මැද පිපුණු නෙළුම් ගඟේ හෙළූ අතු ඉති සේ නසාලමින් එක් සයෙකින් සිටැ කලක් පුරා පෙරුම් නගා ජයගොස අල්වනු සේ ලොව සැම සිත මැ තුරුණු මහළු පැතූ පැතුම් බොඳවැ ගියේ කට් කොට ක්ලාස් මෙය බැලූ අය බොහෝ එයත් නැත මෙයත් නැත හිස් විණැ සැම අත මස අග ආ කලැ විදුලි බිල අතේ වෙත කුසලානයක් වැන්න ලං.වි.ම. ට ලංවන්ට විපත පියා වේ මේ ලොව සැපතේ තණ්හා ආශා නොතබනු පෙරැසේ ගෙනෙමැයි පෙර සේ කියූ සේමැ හේ පැරැදුම ගෙන ඒ සැරදේ! සැරදේ!! අනූ සය සොඳ වුව එකොලස සොඳ නැත නවය පමණ නොව දැන් සිට කිව මැන සලමින් සුමුදු පිති හරඹය මියුරු සරින් ඉන්දිය සුවඳ විඳගන්නට ගියත් වරෙන් බලබිඳ දමා අප යනවිට අවර ගිරෙන් මුකුලිත මල් කඳුලැලි බොනු රිසි වැ වරෙන්