Categories
Events Lifetime

Scientia 2012 [STGHS]

මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා.

ඒ කිව්වෙ, St. Thomas’ Girls’ High School එකට. (ඔය High කියන කෑල්ල අපේ සමහරුන්ට පොඩ්ඩක් allergic. 😛 )  හැබැයි මේසැරේ යන්න අවසර තිබ්බෙ සයන්ස්කාරයින්ට විතරයි. ඒ නිසා අපේ සෙට් එකෙන් කීපදෙනාටයි අවසර තිබ්බෙ. අනික සීමිත සංඛ්‍යාවක් තමයි එක්ක ගියේ. මාත් ඉතින් එයින් එක්කෙනෙක් උනැයි කියමුකො 😉 සයන්ස් සොසැයිටිය පිටින් දාලා අශානුයි, අශාන් හරහා විහඟයි සහභාගී උනා. මේ පාර ආරාධනා කරලා තිබුණෙ Dr. සුදන්ත ලියනගේ විසින් කළ Chemistry Lecture එකකට. ඒකත් තෝමසුවන්ගෙ ව්‍යාපෘතියක් විදියට තමයි ගියේ. එම සංවිධායක මණ්ඩලේ අපේ විහඟගෙ …..ත් හිටියා. 😉

Advertisement

අපේ පන්තියෙන් මායි, මහේෂ්නුයි, සුනෙත්නුයි ගියා අපේ පන්තිභාර ටීචත් එක්ක. ඉස්කෝලෙ ඉඳලා අපි ගබඩාවිදීයට යනකං බස් එකේ තමයි ගියේ. අනිත් අය තම තමන්ගෙ Outer Coolers වලින් Doubleදාලා ආවා. දේශීය ප්‍රවාහන සේවයේ පළමුවරට (වෙන්නැති) බස්එකේ ගිය අපි තෝමසුවන්ගෙ ගේට්ටුව ඉදිරිපිටට ආවා. ඒ අතරෙ අනිත් අයත් හෙමීට සේන්දු උනා.

එහාට ගියාම ලස්සන තොරණක් ගහලා තිබුණා මෙන්න මේ විදියට: 😀

ඒකනම් ඇත්තට ම මාරගති. (හෆොයි! ටැංකියකුත් පිටිපස්සෙන් වැදිලා! ඒක දැක්කෙ දැං!) 😛

ඕකෙ ඔය Scientia 2012 කියන එක දැක්කා විතරයි අපේ එකෙක් (මම දැක්කෙ නෑ හරියට ම කවුද කියලා) ගත්කටටම පළවෙනි අකුරුදෙක (ස, ය) අයින් කරලා ‘පෑ‘ දාලා කිව්වා! 😀 වෙලාවට අපේ ටීචර්ට ඇහුණෙ නෑ සහ අපේ IT Club එකේ භාණ්ඩාගාරිකතුමා හිටියෙ නෑ. 😉 ඔය විහිළු තහළු අස්සෙ හෙමින් සැරේ (පියා විදා) ඇතුලට ගියා. මග පෙන්වන්න බාලිකාවො පෙළගැහුනට මොකද මංනං කඩංබිඳං නැවතුනේ මේන්හෝල් ඉස්සරහමයි. (මේ ආපු තුන්වැනි වතාව නෙවැ?! 🙂 ) සුනෙත්ට නිකං විහිළුවට වගේ කියන කෙනෙක් දැකලා මටයි මහේෂ්ටයි හිනාව තදකරගන්ට බැරුව ගියා! 😛

මුලින් ම යන්නේ අපි ය! කියලා හිතං හිටියට ඒ වෙනකොට ගොඩක් ඉස්කෝල – සුජාතෙයි, කොන්වන්ට් එකයි විතරයි මට මතක. අනිත් ඒවත් ඉන්නැති. (බලලා එපෑය!) – ඇවිත් හිටියා. මෙන්න මාර අවුලක්!! අපිට ඉන්ට වෙලා තිබ්බෙ ‘සාමාන්‍ය පන්ති කාමර පුටු‘ කියන ආදරණීය නාමයෙන් අධ්‍යාපනික ලොක්කො හඳුන්වන; අර අංශක 90 යකඩ පුටු!! මං අපේ එවුන්ට අනන්තවත් කිව්වා ඉස්සරහ තියෙන හොඳ ඒවට යමු කියලා; බට් එහේ බාලිකාවන් සහා ටීචර් කෙනෙක් කිව්වා අරවයින් ම වාඩිවෙන්ට කියලා. 😛 මාත් ඉතිං වෙනදේවල් හොඳින් බලාගන්ට කියලා ඉස්සරහින් ම වාඩි උනා. 🙂

මේ සැරෙත් Projector focusing පජාතයි! මං විහඟට කිව්වා පොඩ්ඩක් කිව්වා නම් හොඳයි නේද, ඇඹෑණිත් ඉන්න එකේ කියලා. එතුමාට එපානං මට මොකෝ? ඒ මොක උනත් එයාලගේ මෙන්න මේ දේවල් නිසා මං කලින් ලියපු පෝස්ට් එකක් මතක් උනා. 😀

ටෙක්NO! 2012ටත් ගියෙමි…

1. එයාලගෙ නෙට්බුක් එකෙන් Projector එකේ නොවැටිය යුතු දේවල් පොඩි ලෑලි කෑල්ලකින් 🙂 වහලා තමයි කළේ.

2. එම Desktop එකේ අර පෝස්ට් එකේ තියෙන එයාලගෙ Badge එක Save කරලා තිබුණා ඒ File Name එකෙන්ම. 😉 (41593_84504175920_8040976_n.jpg)

අපේ Science Society එකේ ම ඉන්න Prefectsලා තිදෙනෙක් එක්ක සයන්ස් එකේ එවුන් ටිකවෙලාවකින් සභාවට වාර්තා කළා. (අපිත් එක්ක ම ආවනං ඉවරනෙ?) හැබැයි අර තුන්දෙනා Blazersදාලා හිටපු නිසා පොතේ හැටියට ඉස්සරහින් එපැයි වාඩිවෙන්ට? ඒ කියන්නෙ මං හිටපු පේළිය. ඒවුණාට තෝමසුවන් කීපදෙනෙක් එක්ක ටීචර් කෙනෙක් ඇවිත් කිව්වා පුතාලා පිටිපස්සට යන්න කියලා. (අපිට නෙවෙයි! අර Blazer දාපු එවුන්ට!) ඒවා හරියන්නෑ කියලා මම අපේ කට්ටියත් එක්ක පේළිය බැගින් පස්සට ගිහිල්ලා එයාලට ඉඩදුන්නා. 🙂

ඒ අතරෙ ලස්සන ෆයිල් කවරෙකුත් බෙදාගෙන ගියා. ඒකෙත් කියන්න තරම් වරදක් නෑ.

හැබැයි මං විහඟට පෙන්නුවා පිටිපස්සෙ තියෙන ලෝගෝ එක වෙනඑකකින් අරං Edit කරපු බව පේනවැයි කියලා!

ඔය ෆයිල් එක ඇතුලේ Photo Copy කරපු කොළ කීපයක් තිබුණා. ඒවා සුදන්ත සර්ගෙ පොතෙන් ගත්තුවයි කියලා මට එකෙක් කිව්වා. (සයැංස් කොරන එකෙක් විදියට මං ඒ පොත කියෝලා නොතිබිණි 🙁 ) හැබැයි ඒකෙ උඩ එක්තරා code එකක් තියෙන බව මං කිව්වාම ඌ කිව්වා එහෙනං එතුමත් වෙන එකකින් ද දන්නෑ අරගෙන තියෙන්නෙ කියලා.

ඔන්න වැඩේ පටන් ගත්තා. සිංහලෙන් නිවේදනය කරපු සහෝදරී මලලසේකර ශබ්දකෝෂෙ සාක්කුවේ දාගෙනදැයි හිතුනා; කියපු කීම් වලට. හැබැයි සාහිත්‍යාත්මකව හිතලා බැලුවම එයාටත් ලකුණු කීපයක් දෙන්න පුළුවන්. ඉංග්‍රීසියට නම් ඉතිං අර හැමදාම දකින මූණ තමා තිබ්බෙ. 😛 පොල්තෙල් පහන පහන් රඳවනයත් ගෝලමානයක් ආශ්‍රිතව තමයි හදලා තිබුණෙ. ඇත්තට ම ලස්සනයි. (අෆරාදෙ! පොටෝ එකක් ගන්න අමතකඋනා) හැබැයි ඒකෙ උඩින්ම තිබුණු මල්පොකුර IT Day එකට ගත්ත එකම(යි) වෙන්නැති. 😉 Stage Designing ද හොඳින් කර තිබිණි.

ගතානුගතික චාරිත්‍රවලට පස්සෙ සුදන්ත මහත්තයා ලැක්චර් එක පටන් ගත්තා. පටන්ගත්ත ගමන් මං හිතපු එකක් ම එතුමත් කිව්වා ඇහුවා. “අර සිංහලෙන් කතාකරපු දුව කියපු දේවල් තේරුණාද?“ 😀 ඊට පස්සෙ Cemetery නොහොත් Chemistry පේපර් Structure එක ගැන පැහැදිලි කළා. එතුමා පොත් ලියන්නෙ රෑටෙයි කියලත් කිව්වා. (මං පොත් ලියලා තියෙනවා!) දැන් ඔන්න ළඟදි Print කළාලු 5000වන Copy එක. සරසවියෙන් එහෙම සර්ගියවෙලාවට “සර්, තව පොත් 200ක් විතර ඕන“ කියලා කියනවලු. (මගේ පොත් හුඟක් විකිණෙනවා!) 🙂

සර් Presentation එකකුත් ගෙනැවිත් තිබුණා. ඒක Operate කරන්න දීලා තිබ්බෙ cute ගෑණූ ළමයෙක්ට උනාට Techනම් NO!. පව් ඉතිං. 😉 සර් නෝන්ඩි කරපු සහ සභාවම හිනාවුණු අවස්ථා කීපයක් ම තිබුණා. 😀 😛 මොකද, එතුමි Left සහ Right arrow keys වලින් Slides මාරු කරන්න පුළුවන්බව ඉගෙනගත්තෙ කැමිට්‍රි සෑර්ගෙන්.

අනතුරුව Professorතුමා මෙහෙම කිව්වා, “මං Stage එකට නැග්ගාම දන්නවනෙ ඉතිං? අර බන්දු සමරසිංහ වගේ තමයි! විදුහල්පතිතුමියට ඉතිං හුඟක් වැඩ ඇතිනෙ? ඉතින් අවසරයි ඔබතුමියට පිටවෙන්නට.“ (NOKIA කීම මාත් ඉගෙනගත්තෙ එතුමාගෙන්) 😉 So මැඩම් එළියට ගියා. Prof පාඩම පටන් ගත්තා.

ඊට පස්සෙ නන්නාඳුනන ලෝකයකට අතහැරි මට වටපිටින් ඇසුණේ, “ධන අයන, ලෝහ, කැටායන, ක්‍රෝමියම්, බ්‍රෝමියම්, සංයුජතා කවච, ඉලෙක්ට්‍රෝන, බන්ධන ශක්ති, රෝස පාට වැනේඩියම්, නිල්පාට කොපර් සල්ෆේට්, සජල, නිර්ජල, හයිඩ්‍රොක්ලෝරික්, ඊළඟ Slide එක, spd ගොනු, ආවර්තිතා වගුව…………“ සටාස්!!! 😮

මා පියවි ලෝකයට ආවෙමි. Main hall එකේ ට්‍රිප් එකක් Off වෙලා බලශක්තිය නැත්තට ම නැතිවිය. ඒ පාර Security අංකල් ඇවිත් එය දමා දුන්නේ ය. එක පැත්තක ෆෑන් එකක් දැම්මා ම ඕක වෙනබව මා කලින් අසා තිබිණ. ඊට පස්සෙ Security අංකල් වෙන ෆෑන් එකක් එතනින් ගෙනත් තැබීය. එය සුපිරි ගණයේ ෆෑන් එකකි. මෝටරය එහෙම්පිටින් ම එළියේ ය. ටික වෙලාවකින් බාලිකාවක් පැමිණ වැසුම් කොටස ඒ මාමාගේ අතේ තැබීය!

නැවතත් පාඩම පටන් ගත්තේය. “ මූලද්‍රව්‍ය, විකර්ණ සබඳතා, සාපේක්ෂ අණුක ස්කන්ධ, මවුල, ඇමෝනියා, ඇම්මීන්, ටෙට්‍රාක්ලෝරයිඩ්, ඕක නෙවෙයි දුව කලින් Slide එක……..”

Profතුමා Practical කීපෙකුත් කරලා පෙන්නුවා. HCl බෝතලේ ඇරියා විතරයි Stage එක ම දුමෙන් වැහුණා. අධිසාන්ද්‍රයි!! 😛 සර්කිව්වා, රජයෙන් ඉස්කෝලවලට ඒවා එවද්දි සාමාන්‍යයෙන් වැලිගම හරියෙ නවත්තලා තනුක කරනවලු’ 😀 මෙහාට කොහොම මෙච්චර ඒවා හම්බුණාද කියලා ඇහුවා! 😉

එකොළහමාරට විතර Refreshments ලැබුණේය. එහි ද කියන්නට වරදක් නැත. කෝපි කෝප්පය අපේ පේළියට ලැබෙනවිට වෙලාව 1ට කිට්ටුවී තිබිණි. කොහොමහරි ඔවුන්ට අපව මඟහැරෙන්නට ඇත. (මොකෝ දුන්නැතෙයි කියලා ඉල්ලන්ටෙයි? 😛 )

අවසන්කරන්නට මත්තෙන් ආරාධිත පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Comment කරන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවෙ සුජාතෙන් ළමයෙක් සිංහලෙන් කථාකළා. ඊටපස්සෙ කොන්වන්ට් එකෙන් ඉංග්‍රීසි කථාවක් කළා. (ඇපත් නෑ!) මේ වෙනකොට Prefect කෙනෙක්වත් හිටපු නැති නිසා (අර Blazerවරු Interval එක අතරෙ මාරුඋනා) රාහුලේ නියෝජනය උනේ නෑ 🙁

1:15pm වෙනකොට වැඩේ ඉවරවෙලා, අපි එළියට බැහැලාත් ඉවරයි. සුනෙත් එක්ක මං කතාවුණා අර Commentකළ ගෑණූ ළමිස්සියන්ට සංගීතෙ උගැන්නුවා නම් අග්‍රගණ්‍ය ගායිකාවන් දෙන්නෙක් බිහිකරන්ට තිබුණා නේද කියලා. (ඇත්තට ම සුපිරි කටහඬවල් දෙකක් 😉 ) සතරසිංහ ටීචගෙ ක්ලාස් යන්න තිබිච්ච නිසා මායි මහේෂ්නුයි කෙළින් ම ක්ලාස් එකට ම ගියා.  ඕං ඔහොමයි එදා දවසෙ(ත්) ඉස්කෝළෙ ඉන්ට බැරිඋනේ. 😀

5 replies on “Scientia 2012 [STGHS]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page