අපිට නිතරම අහන්නට ලැබෙන්නේ “සයිටම් හොර උපාධි කඩය”, “ලක්ෂ 120ට MBBS විකුණනවා”, “Abolish SAITM” ආදී වශයෙනුයි. ඊට වෛද්‍ය සිසුන් මෙන් ම වෛද්‍යවරුන් ද මේ දිනවල දැවැන්ත අරගලයක නිරත වන නමුත් සාමාන්‍ය ජනතාව වන අපිට එහි පෙනෙන්නේ වැරදි අදහසක්. මීට පෙර සාමාන්‍ය ජනතාවගේ ඇසින් සයිටම් ගැන ලියපු මම, අනෙක් පසින් එනම් වෛද්‍ය සිසුන්ගේ දර්ශනයත් තවත් ලිපියකින් නියෝජනය කරන්නට තීරණය කළේ හැම ප්‍රශ්ණයක් ම හරිහැටි අවබෝධ කරගන්නට නම් එහි දෙපස පිළිබඳවම අපි හොඳින් දැන සිටිය යුතු වනු නිසායි.
බූට් නැති සූට් නැති නිදහසේ ජීවිතේ [Lyrics]
සූට් නැති බූට් ඇති
ඔය ලව් අපිට මොකටද
ආතල් ඇති බේගල් නැති
නිදහසේ ජීවිතේ
තමාට ම පෙම් බැඳීම
තනිව, සමාජයනේ වෙන්ව නිදහසේ සිටිනා විටෙක හුදෙකලාව සැපතකැයි ඔබට හැඟී ඇත්නම් ඔබත් තමාට ම පෙම් බඳින්නෙක්. යහළුවන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යාමෙන් ලැබිය හැකි විනෝදයට වඩා මුහුදේ හඬ වැනි ඒකාකාරී ඝෝෂාවකට හෝ කන් වලින් “කීං” හඬ එනතෙක්වූ නිශ්ශබ්දතාව ඇති පරිසරයක සිට හුදෙකලාවේ සුවයක් ලැබීම එහි හැටියි. බාහිරව හුදෙකලා වුවත් අභ්‍යන්තරය මෙහිදී තොරතෝංචියක් නැතිව දොඩවන්නට පටන් ගන්නවා. මනෝ විද්‍යාත්මකව හඳුනාගෙන ඇති මෙම ආකාරය ඉංග්‍රීසියෙන් Introvert (අන්තර්වර්තිකයා) ලෙස හැඳින්වෙනවා.
තියෙන දෙයෙහි වැරදි හොයමින් එය මෙහෙම උනා නම් හොඳයි කියා සිතීම බොහෝ දෙනෙක් හරහා සමාජයේ පිළිඹිබු වන දෙයක්. එසේ සිතීම නිසා ඉදිරියට යාම, දියුණු වීම සිදුවෙන එක හොඳ නමුත් බලපෑමක් කර හදාගත නොහැකි ඇතැම් දේවල් ගැන දුක් වෙමින් සිටීම නම් තමාට ම වළක් කපා ගන්නවා වගේ වැඩක්. මොකද, අපිට දේවල් කරගත හැකි සීමාවක් තිබෙනවා. විශේෂයෙන් තෙවන පාර්ශවයක බලපෑම ඇති දේවල් අපට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමට ඇති හැකියාව ඉතා ම අවමයි. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.
මටත් දෙන්න තරු කුමරෙක් [Lyrics]
අහස් කුස නිසලයි
සඳ කැළුම් නොවැටුණු ගණ අඳුරේ
පහනක් සේ දිලෙනා
සිනහ එළි මුවග නගනා
මටත් දෙන්න තරු කුමරෙක් තනි මකනා
සසර නොපතා පෙරුම් දම් [Lyrics]
සසර නොපතා පෙරුම් දම්
දැහැනක අයාල ගමනේ
හමුවූවා ඔබෙ ගුණවත් මල්දම් සිහිනයකි මට මෙලොවේ
කිමිදෙමි විඳිමින් නිදහසේ ඔබ මට මැවු ඒ ආදර ගඟුලේ
ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම
මේ මහ ගිරීස්මේ අත් දිග ෂර්ට් එකේ අත් වලයි උඩට ම යනකම්ම බොත්තං දාලා හොඳ හැටි හිර කරලා ටයි පොල්ලකුත් දාලා තද කරලා ෂර්ට් එක බාච්චු කලිසමට යට කරලා බෙල්ට් එකක් දාලා ඒකෙන් ඉණත් හිරකරලා කකුල් දෙකට හිර මේස් දෙකකුයි සපත්තු දෙකයි දාලා ෆුල් සීල් පිට ලේන්සුවෙන් දාඩිය පිහිද පිහිද දෙයියනේ කියලා මහ පතරංග හෝටලේකට වැදුණා. ඒක අස්සේ මහා ලොකුවට පිට පලාපු ආච්චිගෙ හැට්ටයක් ඇඳ ගත්ත මනමාල ගෑණි කෝ්ට් බෑයකිනුත් වහගත්ත මනමාල මිනිහාගේ එක අතකින් එල්ලිලා අනිත් අතින් ගට්ස් එන්න තරම් බර රතු මල් බොකේ එකකුත් රුවාගෙන දොරකොඩ බලාගෙන ඉන්නවා. එතන උන් දෙන්නායි ඊට පස්සෙන් ඉන්න නෑදෑයො රොත්ත බුරුත්තයි රස්තියාදු කර කර උඩරට පන්නෙට ඇඳගත්ත වෙස් නැට්ටුවො දෙන්නෙක් කවි කිය කියා බෙර පදේට අඩි පොළොවෙ ගහනවා.
සයිටම් නොව කෑම ද මුදලට නොදෙව්
ප්‍රමිතියක් නැතිව අපේ වෙළඳපොළේ අහක දැමිය හැකි දෑ බොහෝ ය. විශ්ව විද්‍යාල ආපනශාලාවල කෑම බීම පමණක් නොව එදිනෙදා ගන්නා හැම දේක ම දැන් ඇත්තේ මල ජරාව මිසක් කෑමට හොඳ දෙයක් නොවේ. ඒ අතර ය මේ වෙළඳපොළට සයිටම් එක ආවේ. ඒකට මෙච්චර නහිනවා නම් කුඹුරු ද කොටන්නට සිදු වන තත්වයකි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ප්‍රශ්ණයකට විසඳුම එය මඟහැර හෝ පලා යාමෙන් නොවන බව නමුත් පෙනී යන පරිදි අපේ උගතුන් තෝරාගෙන ඇත්තේ හැදිය නොහැකි ළමයෙක්ට මරණ දඬුවම දීමට යන ආකාරයකි.
අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද?
හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් උදුරා ගත්තා කියා ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දිගු කර කියන්නට අපි පසුබට වෙන්නේත් නැහැ. අපි ඒ තරම් ඊට ආදරය කරනවා.
කැන්දගෙන (නො)යාම
හැන්ද ගෙන කබල් ගාන්ට
වංසයක් සෙයා තබනට
මට අමතකවිය
එහෙත් නුඹ කියනවාම නම්,