Categories
Songs

සිප් දුන්න ඔය දෑත [Lyrics]

තවමත් මතකයි එදා
බැඳුණු හැටි නෙතු අතරේ
සිහිනෙන් වුවත්
ඔබමයි මා සිත් දැහැනේ

Categories
Events

ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017

 

Advertisement

ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා.

Categories
Psychology

අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක්

වැඩක් කරන්න ගියාම ඒක අපි හිතපු විධියට ම කවදාවත් කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පොඩි කාලෙදි හීනෙන් washroom එකක් පෙනුණු වෙලාවක ම තමයි. 😉 ඉතින් මෙහෙම අපි ප්ලෑන් කරන විධියට දේවල් සිද්ධ නොවෙන කොට අපි ඒක සාධාරණීකරණය කරන්න විවිධ ලොජික් ගේනවා. හැබැයි ඒ ඉදිරියට යන විධියට නෙවෙයි, සේරම අතෑරලා දාලා “අනේ මං කරන ඒවා හරියන්නේ නෑ” කියලා අවුල් ගහලා අපිවම පසුපසට ඇදගන්නා විධියට යි. මෙවන් අවස්ථාවකදී අපිට වෙන කෙනෙක්ගෙන් හෝ අපේම හිතෙන් අහන්න ලැබෙන දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙන් බලමු.

Categories
What I see

කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම

Image courtesy: Wikipedia

“මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ කාලෙ වෙද්දි අධ්‍යාපනය හැම කෙනෙක්ට ම ලැබෙන හින්දා දැනුමත් එක්ක තර්කනය හැම කෙනෙක්ට ම පාහේ ලැබිලා තියෙනවා. මේවත් එක්ක තරුණ පරම්පරාව වයසක උදවියත් එක්ක ගැටෙන වෙලාවල්නුත් අනන්තයි.

Categories
Psychology

ඔබ සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක්දැයි හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ වැඩිය සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක් නම් හෝ එවන් යහළුවන් දන්නවා නම් ඒ පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත්. යහපත් සමාජයක් ගොඩ නැගීමේදී සමාජයේ තිබෙන විවිධ ආකාරයන් පිළිබඳව අපිට හඳුනාගැනීමට සිදුවෙනවා. ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදව සිටීමට එය උපකාරී වන අතර අන්‍යෝන්‍ය අවබෝධය හරහා දෙපාර්ශවයට ම ඉන් විශාල සහයෝගීතාවක් ඉන් ගොඩනගාගන්නට හැකිවෙනවා. Introvert හෙවත් අන්තර්වර්තික ගති ලක්ෂණ හඳුනාගැනීමටයි මේ සූදානම. බලන්න ඔබටත් මේ වගේ දේවල් තිබෙනවාද කියලා?

Categories
Songs

සිංහල සින්දුවල සැඟවුණු හාස්‍යමය රහස්

නිතර ඇහෙන සින්දුවල පද පේලි අතරේ හැංගුණු රහස් ඕනෑතරම් තිබෙනවා. ඒවා ටිකක් කල්පනා කරලා බිඳලා ගත්තා ම පිස්සු හැදෙන ලොජික් තමයි ඒවයි තියෙන්නේ. මේ ඒ වගේ අන්ධභූත කථා තියෙන සහ කථා හදන්නට පුළුවන් පරණ සින්දු ටිකක්.

Categories
Songs

සටන් ගීතය [Lyrics]

රැකගන්න ජයගන්න
නැගීසිටිමු පෙළගැසෙමු
ඒ මගේ දේ නොව ඒ අපේ දේ
සෙනෙහසින් මතු දිනය වන්නේ

Categories
Poems

නවතින්නට පෙර නැවතීම.

නවතින තැනට පෙර

Categories
Short Stories

දැනමුත්තා අවුරුදු වැස්සේ ගෙදර ආ හැටි

Image courtesy: osiowy.pl

හොඳට ගිනි ගහන මද්දහන මැද්දට මිනිස්සුන්ට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙන්න හතර වටෙන් කළු කරගෙන ආවේ හරියට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් පාටියක් දෙන්න බලාගෙන ඉන්න යාළුවො ටිකක් වගේ. ආ! මේ ලංකාවෙ අපේ ගංවල කොහෙද ඒවා. අපේ අම්මණ්ඩි ඉස්සර කියන්නට වගේ මැරෙන්න ගියාම වතුර ටිකක්වත් දෙන්න නැති කෙනෙක් නොඉද්දි අපිට මොන සැරපයිස්ද. අනික මේ කළු කරගෙන ආවේ කොහොමටත් යාළුකමකට නම් නෙවෙයි. ගෙදරට තා වැඩි දුරක් නැති වුණත් කළුවර වෙන අස්සෙ ගොරවන්නත් පටන් ගත්තෙ දෙයියො ඊයෙ රෑ කොත්තුවක් වත් කාලා වගෙයි.

Categories
Psychology

ඔබේ ජීවිතය අසාර්ථකද?

මගේ ජීවිතය මහා අසාර්ථක එකක්. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියා ඔබට ඕනෑතරම් සිතී ඇති. අනෙක් අයට සංසන්දනය කරමින් අහවලා සාර්ථක පුද්ගලයෙක්, මෙයා අසාර්ථක පුද්ගලයෙක් ආදී වශයෙන් වර්ගීකරණය කරන්නත් සමාජයේ බොහෝ දෙනෙක් මිනුම් දඬු අතේ පුරවාගෙනයි ඉන්නේ. ඒත් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? සාමාන්‍ය සමාජ මතය නම්, සල්ලි වැඩිපුර තිබෙන අය සාර්ථක බවයි. ඔව්, මුදල මිනුම් දණ්ඩ කළාම මුදලින් පොහොසත් අය සාර්ථක පුද්ගලයන් ය කියා කියන්නට පුළුවන්. ඒක මනින කෙනාගේ වැඩක්. ඉතින් අපි මේ ලිපියේදී පොදුවේ සාර්ථකත්වයට එළඹීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද කියලා සොයා බලමු. ඒවා එවිට ඔබට ඔබේ ඉලක්ක සහ මිනුම් දඬු ඕනෑම එකකට යොදාගන්නට හැකිවේවි.

You cannot copy content of this page