Site icon Thambaru's Blog

සෝක කුසලානය


හීන හතක් මැද සැදුණු විමන්
හද විල මැද පිපුණු නෙළුම්
ගඟේ හෙළූ අතු ඉති සේ
නසාලමින් එක් සයෙකින්

සිටැ කලක් පුරා පෙරුම්
නගා ජයගොස අල්වනු සේ ලොව
සැම සිත මැ තුරුණු මහළු
පැතූ පැතුම් බොඳවැ ගියේ

කට් කොට ක්ලාස්
මෙය බැලූ අය බොහෝ
එයත් නැත මෙයත් නැත
හිස් විණැ සැම අත

මස අග ආ කලැ
විදුලි බිල අතේ වෙත
කුසලානයක් වැන්න
ලං.වි.ම. ට ලංවන්ට

විපත පියා වේ
මේ ලොව සැපතේ
තණ්හා ආශා
නොතබනු පෙරැසේ

ගෙනෙමැයි පෙර සේ
කියූ සේමැ හේ
පැරැදුම ගෙන ඒ
සැරදේ! සැරදේ!!

අනූ සය සොඳ වුව
එකොලස සොඳ නැත
නවය පමණ නොව
දැන් සිට කිව මැන

සලමින් සුමුදු පිති හරඹය මියුරු සරින්
ඉන්දිය සුවඳ විඳගන්නට ගියත් වරෙන්
බලබිඳ දමා අප යනවිට අවර ගිරෙන්
මුකුලිත මල් කඳුලැලි බොනු රිසි වැ වරෙන්

Exit mobile version