(අ/වි)භාගය
බොහෝ සූදානමින් ඉදිරියට කෙටි සටහන් අතරින් වෙහෙසෙමින්; බියෙන් අවුරුද්ද පුරා ලත් දැනුම සම්පිණ්ඩනය කෙරෙමින් කොටස් වශයෙන්; මතකයේ පහසුවට… තෙපැයකට මඳයෙන් සකසමින්, විසඳමින්, එක් කෙරෙමින් ජීවිතාභියෝගය ජය ගැනුමට… ඒ අවසන; කාලයයි විමසන්ට, සාකච්ඡා කරන්නට, දෙස් තබනට කනගාටු වන්නට හෝ තුටු වන්නට… ශාපලත් තෙපැය පිළිබඳව සන්තාපයෙන් කැළැඹෙනු මැන ප්‍රතිඵලය පැමිණෙන තෙක්!