ඉතින් අශාන්, පැතුම් සහ පසන් සඳුදා ආවා තරගාදියට යන්නේ කවුරු කවුරුද කියලා තීරණය කරගන්න. ඒ උනාට මාර සීන් එකක්නෙ උනේ! 😮 අඟහරුවාදා, අපේ සහෝදරී පාසලේ – ඒ කිව්වෙ සුජාතෙ – මාධ්‍ය දිනය තියෙනවා කියලා එහේ මැතිණිවරු දෙන්නෙක් ඇවිත් හිටියා අපෙන් Projector එකක් අරන් යන්ට. අපේ මහත්තුරු ගැනත් අමුතුවෙන් කියන්ට ඕනෑ නෑ නෙ! 😛 ඉහත තුන්දෙන්ගෙන් එක්කෙනෙක් (නම කියන්ට අවසර නෑ; ඔන්න මොකද්ද එතුමාගෙ මැතිණිය දැක්කොත් කියලා මට නීති රැසක් මේ වෙනකොට වැටිලා තියෙන්නෙ නම සඳහන් කරනවට. “එළවළු“ කියලා කියමුකො 😉 ) ඒ ඇවිත් හිටපු ස්ත්‍රීන් දෙන්නාට පුද සත්කාර කරන්නයි, පාසල වටේ ම එක්ක යන්නයි පටන් ගත්ත නිසා අපි එකතුවුණ වැඩෙත් කාබාසිනියා වුණා. 😛 😉
ඔන්න ඉතින් බාධක මධ්‍යයේ අද (බ්‍රහස්පතින්දා) හැමෝම කතිකා කරගත්ත විදියට එන්න සෙට්වුණා. මම නම් හැමදාම වගේ අදත් ඉස්කෝලෙ ගියා උදෙන් ම. (ඒ එද්දී උදේ පාන්දර ම දැක්ක wellknown-unkown යුවතිය කවුදැයි නොඅසනු!) අපේ මල්ලිලා ටිකත් ඇවිත් හිටියා. අයියලා ටිකට කොන්දෙ කොණ්ඩෙ අප්සට් කියලා මගදි සෙට් වෙන්නම් කියලා මට දැනුම් දුන්නා. ඊට කලින් දවසෙ හදලා තිබුණු ‘යන අයගෙ නම් ලැයිස්තුව’ත් (මට) අවශ්‍ය විදියට වෙනස් කරගෙන ඉතින් ඔන්න අපේ අළුත් IT සර් අපිව ඉස්සරහා ගේට්ටුවෙන් දොට්ට දැම්මා. 🙂
යන්න ද්‍විරෝද Outer Coolers ප්‍රමාණවත් නොවුණ නිසා පයින් ම ගාටන්ට තීරණය කළා. (ළඟ-පාසල නෙ! 🙂 ) ඒ යන අතරතුරේ අපේ සර්ලා නම් කාර් එකෙන් අපිවත් පාස් කරගෙන රුං ගාලා ගියා. 😮 මාත් ඉතිං Foursquare CheckIn දම දමා ඉදිරියට පියනගද්දි (අර ඊයෙ “දකුණ – අධ්‍යාපන කේන්‍ද්‍රය“ ඉස්සරහා තිබුණු බලු කුණත් තාම තිබුණා. හොඳටම ඉදිමිලා. Bio කොරාට මාත් නාහෙ වහංගියේ. :-/ ) අපේ අශානයා බයික් එකෙන් මට වෙට්ටුවකුත් දාගෙන “අයිනෙං පලයං“ ය කියලා ඉස්සරහිං නැවැත්තුවා. පසන්නුයි, පැතුම්නුයි තම තමන්ගෙ Outer Coolers වලින් ආවා. පසන් නම් මාත් එක්ක කයියක් දාගෙන මාතර මහා විද්‍යාලෙ ළඟට ම ගියා. කට්ටියගෙ ම බයිසිකල් අසල නිවසක දාලා, හෙමින් හෙමින් අපි ඒ පාසලට ගෑටුවා. අපේ සර්ලා දෙන්නා නම් අපි එනකන් මග බලං හිටියෙ:
මං හිතුවා, “අද නං හරි! උදේ පාන්දරම අහගැනිල්ලක් තියෙන්නෙ!! 8.00ට යනවයි කිව්වට දැන් 8.30ටත් කිට්ටුයි.“ ඉතින් හැකි ඉක්මණින් ප්‍රධාන ශාලාවට ගොඩවැදුණා. එතන ගෑණුළමෝ ටිකක් ඉඳගෙන (කිව්වට- හිටගෙන 😉 ) අපිට ෆයිල් කවර බෙදුවා. ශාලාව ඇතුලට ගියාම අපි හොල්මන් වෙලා ගියා! 😮 ඒක ඇතුලෙ ආරාධිත එක හොල්මනක්වත් හිටියෙ නෑ. අපි තමයි ඔන්න මුලින් ම ගිහින් තිබුණෙ. 😀 එහේ බාලිකාවකගෙ මග පුටු පෙන්වීම යටතේ අපිට අදාල පුටුපේලි දෙකේ අරක් ගත්තා. ෆයිල් එකේ Design එකනම් මෙලෝ රහක් නෑ. (Resolution අඩුවෙන් හදලා තිබුණෙ 😛 )
අපිට එහාපැත්ත අපේ සහෝදරී පාසලටයි, අපිට පිටිපස්ස සාන්න තෝමස් කුමරු වන්ටයි, මැද හරියෙන් ශාන්ත මරියාවන්ටයි වෙන්කරලා තිබුණා. (අනිත් ඒවා මට මතක නැත!) ඊට පස්සේ ටික වෙලාවකින් අනිත් පාසල්නුත් ඇවිත් වැඩේට සැට්උනා. (..හා.. හා.. මේ..?! අපේ කට්ටිය කෙසේවෙතත්, මං නං ඉතින් ඔන්න ඔය වටේ හිටපු බාලිකාවන් දිහෑ බැලුවෙ නෑ. හරිය? 😉 ) සහෝදරී පාසලෙන් එහේ ඩේ එකට පස්සෙ දැන අඳුන්ගත්තු සභාපතිතුමී ඇතුළු කීපදෙනෙක් සහ අර HTML tag එකත් ඇවිත් හිටියා. 🙂
Stage Background එකේ, “InnO ViSioN” කියලා රතු පාටින් ගහලා තිබුණා. ඕකෙ I සහ O කැපිටල් නිසා මට Design එක දැකපු ගමන් ම ඒ අකුරු දෙක කියැවුණා. (IO “සල්ලි!“) 😉 😀 Laser Lightsනුත් අලංකරණයට යොදාගෙන තිබුණා. අවට තිබුණු මල් සහ පොල්තෙල් ඉටිපන්දම් පහන Rent කරපුවා කියලා අපේඋන්ගෙන් සැක හැර දැනගතිමි. මෙහෙත් G+, t, f, hp, SAMSUNG ආදීවූ අකුරු දැකලා මට අපේ සහෝදරී බාලිකාවො ටික සහ MicroFutura මතක් උනා! 🙂 මේ Day එකේ නම Innovative Vision කියන එක කෙටි කරලා වෙන්නැති අරගෙන ඇත්තෙ. ඒ උනාට මේ ගත්ත විදියෙ ඕනෑතරං පද-පෙරලි තියෙනවා. (In NO Vision, ඉන්නෝ නිසා පේනවා ඊටීසී.) 😀
ඉතින් ඔන්න පත්තු උනා කියලා උපකල්පනය කරලා, එහේ සභාපතියි, විදුහල්පතිතුමයි කථා පැවැත්තුවා. (බලන්නකො!? එහේ දරුදැරියො එතුමාට කියලා නෑනෙ Sponsorsලා කවුද කියලා. එතුමා එවෙලෙ අහගෙන කිව්වෙ 😛 ) කොහොමහරි ඔන්න රණවිරුවන් වෙනුවෙන් කියලා විනාඩියක නිශ්ශබ්දතාවකුත් තිබුණා. ඒක නම් අනවශ්‍ය එකක් කියලයි මගේ අදහස. 🙂 ශබ්ද පරිපාලකවරුන්ගේ හොඳකමට අපේ කණ් බිහිරි කරවීමේ අතුරු අංගයකුත් සංවිධානය කොට තිබුණු බව ගියවුන් දනිති. 😮 (සත්ත්‍ව Hum 🙁 ) මේ වෙද්දි Announce කරන්න හිටියෙ අර ගෑණූ දැරිවි විතරයි. අර කොල්ලා පේන්න නැත්තෙ ඌ මේකිට Boot එක තියලා වෙන්නැති කියලා අපේ කස්ටිය පොඩි fun එකක් ගත්තා. 😀
Day එකේ පළවෙනි අංගය උනේ “දන්නෝ බුදුන්ගේ“ ගිතයට නර්තනයක්. IOooo පොඩි කෙළි පැටික්කියො දෙන්නෙක් නෙවැ යොදාගෙන තිබ්බෙ. 🙁 නැත්තං වැඩේ නැගලා යන්න තිබුණා. මොකක් උනත් ඒකට පින්සිද්ධ වෙන්න, අනිකුත් Daysවලදි වගේ නැතුව මට සින්දුව රස විඳින්ට පුළුවන් වුණා. “පේවී රකීතී සොඳ – සීලේ නිබන්දා“ (අපේ උන්දැලාගේ තියරිය! 😛 )
පුදපු ගමං කාපි යකා කියලා ඊළඟට ඔන්න අදියර 3කින් යුක්ත Quiz එක පටන් ගත්තා. ඒක නම් මහ…! හපෝ මහ ජරා ප්‍රශ්ණ තිබුණෙ. සමහර ඒවා ජීවිතේට අහලා නෑ. 🙁 😮 මේන්හෝල් එක ඉස්සරහා තියන් ම කරපු නිසා දන්න දන්න ඒවාට පැන පැන උත්තර හොයන්න මායි අශානුයි try කරා. අවට ඉඳපු පොඩි උන්ටත් කියලා දුන්නා. මේක ඉවරවෙලා අපේ පැතුම්නුයි පසන්නුයි හීන්දාඩිය දාගෙන ආවා. අපේ “එළවළු”ට බහිස්ස්‍රාවීය අවශ්‍යතාවෙකුත් ඇතිවෙලා හතරපස් දෙනෙක් ම ඒ සඳහා බැහැරට ගියා ඊළඟ අංගය පටන් ගන්න කලින් 🙂
Then ඔන්න SLIIT එකෙන් ලෙක්චැර් එකක් පටන් ගත්තා. 🙁 පටන් ගත්තා කිව්වාට, ශබ්ද පරිපාලනේ අවුලක් වෙලා විනාඩි 5ක් විතර නිකං හිටියා. ආයිත් ඔන්න පටන් ගත්තා කියලා හිතුවට Presentation එකේ අවුලක් වෙලා තවත් විනාඩි 10-15ක් විතර ගියා. Bitter වෙලා හිටියෙ. 😛
බැරිම තැන නිවේදකවරිය ඇහුවා බඩගිනි ඇතිනේද? කියලා. (අහෝ මැතිණියෙනි, ඕක අහන්ටත් දෙයක්ද?! 😛 )ඒත් එක්ක ම සංග්‍රහයක් බෙදීගෙන ගියා. ලැබිච්ච කිරිපැකට් එක බොන්න බැරි බවක් දැනුනේ කල් ඉකුත්වීමේ දිනයේ අවුලක්දැයි හැමෝම සැලකිලිමත් වුණා. ඒ වුණාට ඊළඟ තත්පරයයි, දශම දෙකයි තව චුට්ටකින් බලද්දී හැමෝම බින්දුවට ම බීලා! 😉 අතුරුඵලවලට ගෙදර ගිහිල්ලා ම මූණ දෙන්ට බැරිය!?
සංග්‍රහය ලැබෙන අතරතුරේ මට ශාන්ත මරියා විද්‍යා දිනය මතක් උනා. (ඒයි ඒයි! ඕකනෙ ඉතිං? Day එක මිසක් වෙන කවුරුවත් නෙවෙයි 🙁 ) මොකද.. සංග්‍රහ අතරතුරේ පැමිණියවුන්ගෙන් ම පාළුව මකන එක මං මුලින් ම දැක්කෙ එහෙන් නිසා. මෙහෙත් එහෙම වුණා. මොනවාහරි Perform කරන්න ආරාධනා ලැබුණා. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. (ආහාර පානාදිය අතේ තියෙද්දි – ඒ කිව්වෙ, ලෝකෙ භාරදූරම කාර්යය කරද්දි ඕවට යන්න ඈකිය?! 😛 ) රාහුලෙන් එන්නැද්ද කියලා අපිව අවුස්සාගන්න තරම් කපටිකමක් නිවේදකතුමිය සතුව තිබුණා. අපේ අළුත් සභාපති මලයා කඩං බිඳං ගිහිල්ලා Day එක ගැන කමෙන්ට් එකක් දුන්නා නෙව! 😮 ඒක වැඩිය නෝණ්ඩියක් උනේ නෑ වෙලාවට, අනිත් පාසල් වලින් ගිය උදවියත් කමෙන්ට් එකක් ම දුන්න නිසා. 😉 🙂
අපිදිහා එබිකම් කරන ගෑණු ළමයින්ට Reply බැළුම් හෙළන්නත් අපි අමතක කළේ නෑ. (පව්නෙ! 😉 ) 11.45 වෙනකම්ම ලෙක්චර් එක ඇදුණා. හතර-පස් වතාවක් ම එහේ ටීචර්ලා සහ සිසු සිසුවියෝ ලෙක්චර්තුමාගේ කණට කොට දැන් ඇතැයි කිව්වාට එතුමා එය පිළිපැද්දේ 12ට කිට්ටු කොට ය. 🙁
දෙයියන්ගේ නාමෙන් ඒක අවසන් විණි. ඒ සන්තෝසෙට මං ඇතිතරම් අත්පුඩි ගැසීමි. 😉 ඊට පස්සේ හින්දි සින්දුවකට පොඩි දැරිවියෝ ටිකක් නර්තනයක් ඉදිරිපත් කළා. එක නංගි කෙනෙක් හිටියා (ඉස්සරහින් ම හිටපු කෙනා) මාර ම ලස්සනට Dance කළා. 😀
දැක්කද, අර “O” අකුර පැත්තකට විසිවෙලා තියෙනහැටි? ඒ බෝඩ් ටිකට මෙලෝ පණක් කඳක් දීලා තිබුණේ නෑ. පොඩ්ඩක් එහෙමෙහ වුණ ගමන් ඕං ඔහොමයි. ඉවරවෙන්න කිට්ටුවෙද්දි ඕවා තිබුණේවත් නැද්ද කොහෙද. 🙁
ඒ පාර Mobitel එකෙන් 4G (LTS) ගැන හඳුන්වාදුන්නා. ඒ අස්සේ වෙනත් දුරකථන ජාලයක් භාවිතා කරන අපේ ඇත්තෙක් හෙමින් සැරේ බනින්න ගත්තා තාම 3Gවත් හරියට නෑ කියලා! ඔය අතරෙ මාවයි අශානුයි ඇතුළු Hardware Assembling තරගෙට ඉන්න අයව එහේ IT යුනිට් එකට එන්න ආරාධනා ලැබුණා. එහේ Blazerධාරිණියකගෙ පස්සෙන් අපි ගමන් කළේ. බඩවැල් එළියට ඇදපු Dell Machine එක බැගින් හැමෝටම ලැබුණා. ඉක්මනට ම සහ හරියට ම හදන්න තිබුණෙ. අපිට දීපු එකට Power දීලා තිබුණෙත් නෑ!! Mouse එකත් නෑ! ඉතින් ඉවරයි කියන්න කලින් අපිට Check කරලා බලන්න Chance එකක් තිබුණෙ නැ. 🙁 “Hard disk එක motherboard එකට ගහලා නැත“ යන කුඩා ම වරද මත අපේ මැෂින් එක On නොවන බව එහේ ගුරුතුමා තීරණය කළේය. අපට ඒක අහිමි උනේ ය. 🙁 (මට මාර අස්පට් වැඩේට! ෂිහ්)
අපි ආයිත් එනකොට ICBT එකේ වැඩසටහනක් තිබුණා. ඒක මට හරියට ඇහුණෙත් නෑ! මං ෆුල් අවුල් ගහලා හිටියෙ. මොන මොනවදෝ කියවනවා විතරයි ඇහුණෙ. ඒකෙ ප්‍රශ්ණෙකට උත්තර දීලා අපේ මල්ලි කෙනෙකුට T-shirt එකක් ලැබුණා. ඒකට පස්සේ ගීත ගායනා දෙක තුනක් ඉදිරිපත් කළා. ඒක මළ බොරුවක් බව හැමෝම කිව්වා. Record කරපු එකකට බොරුවට කිව්වාලු. වෙලාව 1.20ටත් කිට්ටු වෙලා! බාලිකාවන්ගෙ රතු කට්ට නම් ඉතින් අනිවා පැනලා ඉන්න ඇත්තෙ. ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා Quiz එකේ First Place, VB Programming එකේ First Place සහ Championship අපිට ලැබුණා. මේ වෙනකොට (1.40 pm) Hall එකේ අපියි, සුජාතාවො දෙතුන් දෙනෙකුයි විතරයි ඉතුරු වෙලා හිටියෙ. 1.00pm වෙනකොට අපේ සර්ලා නම් පාසලට ගියා. අපි 1.45ට විතර සතුටින්(?) විසිර ගෙදර ගියා. 🙂
පසුවිමසුම
මෙහේ Organizing නම් එහෙම්පිටින් ම අවුල්. එක එක විකාරවලට කාලය නාස්ති කරපු එක අපරාදෙ. (ලෙක්චර්තුමන්ලා කොහොමත් සාමාන්‍යයෙන් කාල කළමණාකරණයට මාර සප් එකක් දෙන්නෙ 😛 ) අඩු ම ගානෙ අනිත් පාසල්වල Stalls ටිකවත් බලන්න යන්න දුන්නා නම් හරි. 😉 (අපි එකක් ඉදිරිපත් නොකළෙමු.) විදුහල්පතිතුමාගෙ කථාව වෙලාවෙ Laser Lights එතුමාට කෙලින් ම පතිතවුණු එක 😮 ගැන නම් මගේ ප්‍රසාදයක් නෑ. හැබැයි මේක මෙයාලගේ First ICT Day එක නිසා සමාව දෙන්න පුළුවන්. 🙂