Site icon Thambaru's Blog

(අ/වි)භාගය


බොහෝ සූදානමින් ඉදිරියට
කෙටි සටහන් අතරින් වෙහෙසෙමින්; බියෙන්
අවුරුද්ද පුරා ලත් දැනුම සම්පිණ්ඩනය කෙරෙමින්
කොටස් වශයෙන්; මතකයේ පහසුවට…

තෙපැයකට මඳයෙන්
සකසමින්, විසඳමින්, එක් කෙරෙමින්
ජීවිතාභියෝගය ජය ගැනුමට…
ඒ අවසන; කාලයයි
විමසන්ට, සාකච්ඡා කරන්නට, දෙස් තබනට
කනගාටු වන්නට හෝ තුටු වන්නට…

ශාපලත් තෙපැය පිළිබඳව
සන්තාපයෙන් කැළැඹෙනු මැන
ප්‍රතිඵලය පැමිණෙන තෙක්!

Exit mobile version