හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ […]

කොච්චර කළත් ඉතිරි වන්නේ අවසාන දේ පමණයි

අපිට එදිනෙදා බොහෝ දේවල් අන් අය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. රැකියාව හරහා සේවා සැපයීම, ආදරණීයයන්ට සැලකීම, යහළුවන්ට උදව් කිරීම ආදී වශයෙන් අන් අය හා මුහු වෙමින් විවිධ දේ ඔවුන් වෙනුවෙන් කරනවා. ඒත් ඔබ කොච්චර කළත් එක වගේ ද? ඒකට හේතුව අවසානයට කළ දේ පමණක් සිත් වල ඉතිරි වීමයි. කේක් කෑලි කාගෙන කාගෙන ගිහින් අවසානයේ කරවිල කෑල්ලක් කාලා බලන්න ඔබට […]

ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017

  ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා.

අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක්

වැඩක් කරන්න ගියාම ඒක අපි හිතපු විධියට ම කවදාවත් කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පොඩි කාලෙදි හීනෙන් washroom එකක් පෙනුණු වෙලාවක ම තමයි. 😉 ඉතින් මෙහෙම අපි ප්ලෑන් කරන විධියට දේවල් සිද්ධ නොවෙන කොට අපි ඒක සාධාරණීකරණය කරන්න විවිධ ලොජික් ගේනවා. හැබැයි ඒ ඉදිරියට යන විධියට නෙවෙයි, සේරම අතෑරලා දාලා “අනේ මං කරන ඒවා හරියන්නේ නෑ” කියලා […]

කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම

“මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ […]

ඔබ සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක්දැයි හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ වැඩිය සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක් නම් හෝ එවන් යහළුවන් දන්නවා නම් ඒ පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත්. යහපත් සමාජයක් ගොඩ නැගීමේදී සමාජයේ තිබෙන විවිධ ආකාරයන් පිළිබඳව අපිට හඳුනාගැනීමට සිදුවෙනවා. ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදව සිටීමට එය උපකාරී වන අතර අන්‍යෝන්‍ය අවබෝධය හරහා දෙපාර්ශවයට ම ඉන් විශාල සහයෝගීතාවක් ඉන් ගොඩනගාගන්නට හැකිවෙනවා. Introvert හෙවත් අන්තර්වර්තික ගති ලක්ෂණ හඳුනාගැනීමටයි […]

සිංහල සින්දුවල සැඟවුණු හාස්‍යමය රහස්

නිතර ඇහෙන සින්දුවල පද පේලි අතරේ හැංගුණු රහස් ඕනෑතරම් තිබෙනවා. ඒවා ටිකක් කල්පනා කරලා බිඳලා ගත්තා ම පිස්සු හැදෙන ලොජික් තමයි ඒවයි තියෙන්නේ. මේ ඒ වගේ අන්ධභූත කථා තියෙන සහ කථා හදන්නට පුළුවන් පරණ සින්දු ටිකක්.